මො/මාලිගාතැන්න මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම 2024

ගුරු දින සැමරුම 2024

හැරවුමක ඇරඹුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එච්.එම්‍.ඩී.බණ්ඩාර මයා

ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල  අධ්‍යාපන කලාපයේ බඩල්කුඹුර කොට්ඨාසයේ බඩල්කුඹුර නගරයට ආසන්නව පවතින  මො/ මාලිගාතැන්න  මහා විදුහල දැනට අවුරුදු තිහක් පමණ අතීත ඉතිහාසයක් ඇති ජනප්‍රිය පාසලකි. මෙහි දැනට කලා,වාණිජ, ගණිත හා විද්‍යා විෂය ධාරා ඇතුළත්ව න් ළමුන් 1350 ක් පමණක් ම ඉගෙනුම ලබයි. දැනට අප  පාසලෙන් සිත් සතර හැදෑරූ විශාල සිසුන් පිරිසක් සමාජයට දායාද කර ඇති අතර, ඔවුන් දැනට උගත් තනතුරු විවිධ වෘතීන්වල නියැලෙයි. මීට අමතරව  විෂයසමාගාමී කටයුතුවලදී විද්‍යාලය ජයග්‍රහණ රැසක් ඇත්පත්කර ගෙන තිබේ.

තව ද විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ ද මේ වන විටත් විශාල දියුණුවක් ලබා ඇති අතර, මෙම වෙබ් අඩවිය  තුළින් එම සම්බන්ධතා තව තවත් පුළුල්ව  පවත්වාගෙන පවත්වාගෙන යාමට  අදහස් කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියලු පාර්ශවයන්ව පාසල් අඩවි සමග සම්බන්ධ වී ම පාසලේ අභිවෘද්ධිය සඳහා සහය දක්වමින් අප සමග  සම්බන්ධ වෙන මෙන් ආරාධනා කර  සිටින අතර මෙම කර්තව්‍ය සාර්ථක  කර ගැනීමට උදව් උපකාර කළ සැමට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකර  සිටිමි.

 

එච්.එම්‍.ඩී.බණ්ඩාර මයා
නියෝජ්‍ය විදුහල්පති
මො/මාලිගාතැන්න මහා විද්‍යාලය.