
ඌව පළාත් සභා නියෝජ්‍ය සභාපති ගරු එච්.එම්.වීරකෝන් බණ්ඩා මැතිතුමා අප පාසලේ මුල් නිර්මාතෘය. අප පාසල ගොඩනගන්නට මහත් මෙහෙවරක්, වෙහෙසක් එතුමා විසින් ඉටු කරන ලදි. මාලිගාතැන්න පාසල නමින් ආරම්භ වූ පාසල බඩල්කුඹුර ප්‍රදේශයේ දරුවන්ට දිව්‍යමය දායාදයක් බඳු විය. කුඩා බිම් ප්‍රමාණයකට උරුමකම් කියන අප විද්‍යාලය අද වන විට ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකි.






